මේ වසරේ ජනවාරි සිට ජුනි මස දක්වා සංචාරක පැමිණීමේ වර්ධනය සියයට 15.6 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මේ මස 01වනදා සිට 10 වනදා දක්වා පමණක් සංචාරකයන් 77,482 දෙදෙනෙකු මෙරටට පැමිණ සිටී. ඒ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
එමෙන්ම පසුගිය ජුලි මාසයේදී සංචාරකයන් දෙලක්ෂය ඉක්මවූ පිරිසක් පැමිණ ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.6 ක වර්ධනයකි. මේ අනුව මෙම වසරේ අපේක්ෂිත සංචාරක ඉලක්කය පහසුවෙන් සපුරාගත හැකි බව ද වාර්තා වේ.
More Stories
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
තායිවාන ස්වාධීනත්වයට සහාය දැක්වීම චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නිතීය උල්ලංඝනය කිරීමක්–චීන විදේශ ඇමතිවරයා
චීනයෙන් ශ්‍රී ලංකාවට හදිසි සහනාධාර