November 10, 2026

චීනයේ හිටපු අගමැති Zhu Rongji  මහතාගේ අවසන් කටයුතු බෙයිජිංහිදී 

චීනයේ හිටපු අගමැති Zhu Rongji මහතාගේ අවසන් කටයුතු බෙයිජිංහිදී සිදු කෙරේ. ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ  ප්‍රධානීහූ අද (18) පෙරවරුවේ Babaoshan විප්ලවීය සුසාන භූමියේදී Zhu Rongji මහතා වෙත සිය අවසන් ගෞරවය පුද කළහ.

Zhu Rongji මහතා පසුගිය 12 වෙනිදා බෙයිජිංහිදී අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට හෙ‍තෙම 98 වන වියෙහි පසු විය.

ඔහු 14 වන සහ 15 වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු මෙන්ම චීනයේ හිටපු අගමැතිවරයෙකු ලෙස ද සේවය කර තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ විශිෂ්ට සාමාජිකයෙකු වන හෙතෙම විශ්වසනීය කොමියුනිස්ට්වාදී සොල්දාදුවෙකු ද විය. එමෙන්ම කම්කරු පන්තියේ සහ ශ්‍රමික ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ විප්ලවාදියෙකු වූ හෙතෙම, පක්ෂයේ සහ රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙසත් සිය සේවය ලබා දී ඇත.

Zhu Rongji මහතා රෝගාතුරව සිටියදී ඔහුගේ සුව දුක් විමසීමට මෙන්ම ඔහු අභාවප්‍රාප්ත වීමෙන් පසු ද, ෂී ජින් පිං මහතා සහ සෙසු නායකයින් ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහල වෙත පැමිණි අතර විවිධාකාරයෙන් ඔහුගේ පවුලේ අය වෙත සිය බලවත් ශෝකය හෘදයාංගවම පළ කිරීමට ද පියවර ගෙන තිබිණ.

About The Author