ජාතික ආරක්ෂණ සංකල්පය හුවා දක්වමින් ඇමරිකාව සිදු කරන අනිසි මැදිහත්වීම්, ගෝලීය විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහයෝගිතාවයට පටහැණි වීමක් බව චීනය පවසයි. ඇමරිකාවේ ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව, චීනයේ ඇතැම් විද්‍යා හා තාක්ෂණ ආයතන සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව පැවසීය.
පසුගිය 23 වන දා ඇමරිකාව විසින්, 1286 වගන්තිය යටතේ යාවත්කාලීන කළ ‘ගැටලුකාරී ක්‍රියාකාරකම්වල නියැලී සිටින විදේශීය ආයතන ලැයිස්තුව’ එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළේය. මෙමගින් චීනයේ ඇතැම් විද්‍යා හා තාක්ෂණ ආයතනවලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කළ බව පැවසූ එම ප්‍රකාශකයා චීන විද්‍යා හා තාක්ෂණ ආයතනයන් අපකීර්තියට ලක් කිරීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කළේය. චීනයේ එවැනි ආයතන සාධාරණ ලෙස, වෙනස් නොවන අයුරින් සැලකිය යුතු ය. විධිමත් විද්‍යා හා තාක්ෂණ සහයෝගීතා පැවැත්වීම සඳහා චීනය අවශ්‍ය පියවර ගන්නා බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්