චීනයේ 16 වන ආක්ටික් සාගර විද්‍යාත්මක ගවේෂණය සිදු කරන Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක එහි මෙහෙයුම් සාර්ථකව නිම කර ඊයේ(29) චීනයේ ෂැංහයි නගරයට ආපසු පැමිණ තිබේ.
Xuelong සහ Xuelong 2 යන නෞකා දෙක ඒකාබද්ධව පවත්වන ලද මෙම මාස තුනක ගවේෂණය, විවිධ වැදගත් ප්‍රතිඵල අත්පත් කරගැනීම විශේෂත්වයකි. එම මෙහෙයුම අතරතුර, Chukchi මුහුද, කැනඩා ද්‍රෝණිය සහ මධ්‍යම ආක්ටික් සාගරය යන ප්‍රදේශවල සාගර පරිසර ගවේෂණය පුළුල් වශයෙන් සිදු කෙරිණ. එමෙන්ම හිම මායිම් ප්‍රදේශයේ බහුවිෂයික නිරීක්ෂණ මෙන්ම වායු-අයිස්-සාගර යන ඒකාබද්ධ සම්බන්ධීකරණ ගවේෂණ ක්ෂේත්රවල ද ප්‍රධාන ජයග්‍රහණ රැසක් මෙහිදී අත්පත් කරගෙන ඇත. මෙවර ගවේෂණය මගින් ජගත් ප්‍රජාවට, ආක්ටික් සාගරයේ ජෛව පද්ධතිය ආශ්‍රිතව නව දැනුම් සම්භාරයක් ලබා ගත හැකි විය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම