November 10, 2026

චීනය ලොව ආරක්ෂිතම රටවල් අතරින් එකක්–චීන ජනපති

‘වඩාත් ඉහළ මට්ටමේ සාමකාමී චීනයක්’ ගොඩනැගීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෑතකදී වැදගත් උපදෙස් ලබා දී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු, ‘සාමකාමී චීනයක්’ ගොඩනැගීමේ ප්‍රයත්නය කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, ජනතාව සාමයෙන් හා සතුටින් ජීවත් වන බවත් ස්ථාවර හා ක්‍රමානුකූල සමාජයක් යන හිතකර තත්ත්වය තවදුරටත් තහවුරු වූ බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ. ඒ තුළින් චීනය ලොව ආරක්ෂිතම රටවල් අතරින් එකක් බවට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.

නව ගමනේදී, ‘නව යුගය පිළිබඳ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනය’ අනුගමනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සමස්ත ආකල්පය නොසැලී ක්‍රියාත්මක කරමින් පක්ෂයේ නායකත්වය තහවුරු කළ යුතු බව ඔහු පැවසීය. සංවර්ධනය සහ ආරක්ෂාව අතර සමතුලිතතාව පවත්වා ගැනීම ද වැදගත් බව ඔහු කීය. මෙහිදී නීතියේ ආධිපත්‍යය සහ තාක්ෂණික සවිබල ගැන්වීම ශක්තිමත් කර ගනිමින් ජාතික ආරක්ෂක පද්ධතිය සහ ධාරිතාව වැඩිදියුණු කළ යුතු අතර, විවිධ අවදානම් වැළැක්වීමට පියවර ගත යුතුය. ඉහළ මට්ටමේ ‘සාමකාමී චීනයක්’ ගොඩනැගීම තුළින් චීන නවීකරණ ක්‍රියාවලියේ ස්ථාවර සහ අඛණ්ඩ ප්‍රගතිය සුරක්ෂිත කිරීම සඳහා, ජාතික ආරක්ෂාව, සාමය සහ පාලනයේ කාර්යක්ෂමතාව මෙන්ම මහජන තෘප්තිය ද ඉහළ නැංවීමට අඛණ්ඩව උත්සාහ කළ යුතු බව ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

 ‘සාමකාමී චීනය’ ගොඩනැගීම පිළිබඳ කාරක රැස්වීමක් අද(28) බෙයිජිංහිදී පැවැත්විණ. එම රැස්වීමේදී ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් සම්බන්ධයෙන් දැනුවත් කෙරිණ.

About The Author