චීන-රුසියානු අගමැතිවරුන්ගේ 31 වැනි නිත්‍ය හමුව පැවැත්වෙයි. එම හමුව චීන අග්‍රාමාත්‍ය Li Qiang සහ රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රුසියාවේSaint Petersburg හිදී පැවැත්විණ.
වර්තමානයේ, නව යුගයේ චීන-රුසියානු පුළුල් උපායමාර්ගික සහයෝගී හවුල්කාරීත්වය වඩාත් වේගවත් සංවර්ධන නව අදියරකට ළඟා වී ඇති බව Li Qiang මහතා ප්‍රකාශ කළේය. ඒ ඒ ක්ෂේත්රවල සහයෝගීතා අඛණ්ඩව තහවුරු කර දෙරටේ නායකයින්ගේ පොදු එකඟතාවන් යථාර්ථයන් බවට පරිවර්තනය කිරීමෙන් දෙරටේම ජනතාවට වැඩි වාසි ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.
චීන-රුසියා මිත්‍ර අසල්වැසි සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමේ 25වන සංවත්සරය මෙම වසරට යෙදෙන බව රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. වර්තමානයේදී නව යුගයේ චීන-රුසියානු පුළුල් උපායමාර්ගික සහයෝගී හවුල්කාරීත්වය ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටමක පවතී. චීනය සමග එක්ව ඒ ඒ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතා තහවුරු කිරීමට රුසියාව අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
චීන-රුසියානු ආයෝජන සහයෝගීතා කමිටුව, චීන-රුසියානු බලශක්ති සම්පත් පිළිබඳ සහයෝගීතා කමිටුව යන කමිටු ගතවූ වසරක කාලයක් තුළ ඉටු කළ කාර්යභාරය දෙරටේ අගමැතිවරුන්ගේ ඉහළ පැසසුමට ලක් විය. දෙරටේ නායකයින්ගේ පොදු එකඟතාවන් අනුගමනය කරමින් දෙරටේ බහුපාර්ශ්වික කටයුතු, අදහස් හුවමාරු හා සම්බන්ධීකරණය ශක්තිමත් කර වඩාත් වැඩි ප්‍රායෝගික ජයග්‍රහණ දිනා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන හා රුසියානු අග්‍රාමාත්‍ය දෙපළ පෙන්වා දුන්හ.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්