චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March ඓතිහාසික ජයග්‍රහණයේ 90වන සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ කාර්ය මණ්ඩලය නිර්මාණය කරන ලද අක්ෂර කලා නිර්මාණ, සිතුවම් සහ ඡායාරූප එළිදැක්වීමේ ප්‍රදර්ශනයක් ඊයේ (21) ආරම්භ විය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, චීන මාධ්‍ය සමූහයේ උප අධ්යක්ෂ Xing Bo මහත්මිය, චීන කලාකරුවන්ගේ සංගමයේ උප සභාපති සහ චීන ජාතික චිත්‍ර ඇකඩමියේ සභාපති Liu Wanming මහතා ඇතුළු ප්‍රධානීහු ඊට එක් වූහ.
චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March ඓතිහාසික ජයග්‍රහණයේ 90වන සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ප්‍රචාරණ සහ වාර්තාකරණ කටයුතු ඉතා උනන්දුවෙන් සිදු කර ඇති අතර, දේශීය හා විදේශීය වශයෙන් පුළුල් ලෙස ප්‍රචාරය කර ඇති උසස් තත්ත්වයේ කෘති මාලාවක් නිර්මාණය කර ඇති බව Xing Bo මහත්මිය එහිදී පෙන්වා දුන්නාය. සංස්කෘතික වශයෙන් ශක්තිමත් ජාතියක් ගොඩනැගීම සඳහා නව්‍ය සහ ගුණාත්මක දායකත්වයක් ලබා දීම සඳහා කීර්තිමත් විශේෂඥයින් සහ ප්‍රවීණයින් සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට චීන මාධ්‍ය සමූහය බලාපොරොත්තු වන බව ඇය එහිදී සඳහන් කළාය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම