චීන මාධ්‍ය සමූහයේ කෙටි සහ මධ්‍යම දිගු නාට්‍ය පිළිබඳ සමුළුව ඊයේ (18) චීනයේ ශංහයි නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඊට සහභාගි විය. එහිදී චීන මාධ්‍ය සමූහයේ “උසස් තත්ත්වයේ කෙටි සහ මධ්‍යම දිගු නාට්‍ය සම-නිෂ්පාදන වැඩසටහන” නිල වශයෙන් දියත් කෙරිණ.
ඊට අමතරව, චීන මාධ්‍ය සමූහය සහ ශංහයි Pudong නව කලාප රජය එහිදී උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමකට ද එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ, පාර්ශ්ව දෙක ප්‍රධාන තේමා යටතේ තොරතුරු වාර්තාකරණය, සන්නාම ප්‍රවර්ධන වැඩසටහන් ඒකාබද්ධව සංවිධාන කිරීම, විද්‍යා-තාක්ෂණ නවෝත්පාදන ක්ෂේත්රය තුළ සහයෝගීතාව වර්ධනය කිරීම සහ චිත්‍රපට හා රූපවාහිනී අන්තර්ගතයන් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම වැනි ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් සහයෝගීතාවක් ඇති කර ගෙන ඇත. එය උසස් තත්ත්වයේ නිර්මාණ බිහි කිරීමට සහ කලාපීය සංවර්ධනය අතර ක්‍රියාකාරී සම්බන්ධතාවක් ගොඩනැගීමට දායක වනු ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්