ඔලිම්පික් ක්‍රීඩා පිටිය දේශපාලන මැදිහත්වීම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දරන උත්සාහයන් සඳහා චීන ඔලිම්පික් කමිටුව සිය ස්ථිර සහයෝගය පළ කරයි.
ඉතාලියේ පැවැත්වෙන මෙවර ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටින යුක්රේන ක්‍රීඩකයකු දේශපාලන මතයක් ප්‍රවර්ධනය කෙරෙන ආකාරයෙන් කළ හැසිරීමක් පිළිබඳව ඊයේ (12) අදහස් දක්වමින් චීන ඔලිම්පික් කමිටුව දන්වා ඇත්තේ, ක්‍රීඩාව දේශපාලනීකරණය වීමට තරයේ විරුද්ධ වන බවයි.
යුක්රේන ක්‍රීඩක Vladyslav Heraskevych විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුකූල නොවන ආකාරයේ වැකියක් සඳහන් හිස්වැස්මක් පැළඳ ඊයේ (12) සිය තරග ඉසව්ව ආරම්භ කිරීම සඳහා සූදානම් වීමත් සමඟ ඊට අදාළ අවසරය ඔහුට ලබා දී නොමැත.
ඔලිම්පික් ප්‍රඥප්තියේ රීතීන්ට අනුව ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන කිසිදු ස්ථානයක හෝ ප්‍රදේශයක, කිසිදු ආකාරයක විරෝධතාවයක් හෝ දේශපාලන, ආගමික හෝ වාර්ගික ප්‍රචාරණයක් සඳහා ද අවසරය හිමි නොවේ.
ඒ අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Kirsty Coventry මහත්මිය ද ඇතුළු එහි නිලධාරීන් සහ අදාළ යුක්රේන ක්‍රීඩකයා අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇතත්, ඔහු කිසිදු ආකාරයක සම්මුතියක් පිළිගෙන නොමැති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Coventry මහත්මිය අවධාරණය කර ඇත්තේ, ක්‍රීඩා පිටිය සැමට ආරක්ෂිත පරිසරයක් ලෙස තබා ගැනීමට හැකි විය යුතු බැවින්, ඔලිම්පික් රීතීන්ට අනුකූල නොවන කිසිදු ආකාරයේ පණිවිඩයක් යැවීම සඳහා ක්‍රීඩා පිටිය යොදා ගැනීමට අවසර නොමැති බවයි.
ඔලිම්පික් ක්‍රීඩා පිටිය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නිදහස්ව තබා ගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ගන්නා මෙම උත්සාහයන්ට පූර්ණ සහාය ලබා දෙන බව චීන ඔලිම්පික් කමිටුව දන්වා ඇත.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි