November 10, 2026

ඇමරිකාව සමග තිරසර සබඳතාවක් පවත්වා ගැනීමට සූදානම්–චීන ජනපති

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ ඇමරිකාවේ වේලාවෙන් අද(24) පෙරවරුවේ ධවල මන්දිරයේදීය.
‘චීන-ඇමරිකා සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය’ යන එහි නව අර්ථ දැක්වීම, දෙරට සම්බන්ධතාවයේ සැබෑ තත්ත්වයට මෙන්ම අනාගතය කෙරෙහි වන අපේක්ෂාවන්ට ද සැබෑ පිළිබිඹුවක් වේ.  එය දෙරට අන්‍යෝන්‍ය වශයෙන් විධිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ මාර්ගය වෙත ගමන් කිරීමේ වැදගත් පියවරක් බව ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ.  දෙපාර්ශ්වය එම අපේක්ෂාව ක්‍රියාවට නංවමින් චීනය හා ඇමරිකාව අතර වඩාත් ස්ථාවර, විධිමත්, තිරසර අනාතයක් නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
රටේ එක්සත්භාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලිය. ඇමරිකාව ‘තායිවාන බෙදුම්වාදීන්ට’ විරුද්ධ වීමේ සිය නිවැරදි ක්‍රියාකලාපයේ එල්බ සිටිමින් තායිවාන ප්‍රදේශයට අදාළ ගැටලු සුපරීක්ෂාකාරීව පාලනය කරනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවයි. එසේම චීන-ඇමරිකා උපායමාර්ගික සහයෝගීතා හා දෙරට සම්බන්ධතාවය වෙනුවෙන් ස්ථිර පදනමක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

About The Author