November 10, 2026

Xizang ස්වායත්තයේ සංස්කෘතිය විදහාලන “Potala Palace” වාර්තා වැඩසටහනේ විකාශනය ඇරඹේ

චීන මාධ්‍ය සමූහය සහ Xizang ගුවන්විදුලි සහ රූපවාහිනී සේවය එක්ව නිෂ්පාදනය කරන ලද ඓතිහාසික හා සංස්කෘතික වාර්තා වැඩසටහනක් වන “Potala Palace” අද (23) සිට 29 වන දින දක්වා CCTV-4 නාලිකාව ඔස්සේ විකාශනය කෙරේ. එමෙන්ම මෙම වාර්තා වැඩසටහනේ ඉංග්‍රීසි අනුවාදය, ලබන ජූලි 03 වනදා සිට ජූලි 09 වන දින දක්වා CGTN ඉංග්‍රීසි නාලිකාවේ විකාශනය කෙරෙනු ඇත.

චීනයේ Xizang ස්වායත්තයේ පිහිටි Potala Palace යනු ලෝක මට්ටමේ සංස්කෘතික උරුම ස්ථානයකි. කථාංග හතකින් සමන්විත මෙම “Potala Palace” වාර්තා වැඩසටහන, Xizang ස්වායත්තයේ ආගමික නිදහස වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දක්වන ගෞරවය මෙන්ම ජනවාර්ගික සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද විදහාලන්නකි. තවද, මෙම ස්වායත්තයේ වෙසෙන ජනතාවට පූර්ණ සංවර්ධනයේ අයිතිය සැබවින්ම භුක්ති විඳීම සහතික කිරීමට දරන උත්සාහයන් ‍මින් මනාව පුළුල් ලෙස පිළිබිඹු කර තිබේ. ‍එමෙන්ම නව යුගයේ සමාජවාදී ටිබෙටයේ (Xizang) නව මුහුණුවර ද මෙම චිත්‍රපටය හරහා ප්‍රදර්ශනය කෙරේ.

About The Author