November 10, 2026

තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම චීනයේ Dalian නගරයේදී පැවැත්වෙයි

2026 APEC සමුළුවේ සත්කාරකත්වය දරන චීනය, Liaoning පළාතේ Dalian නගරයේදී තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ ඒ ආශ්‍රිත රැස්වීම් පැවැත්වීය. අගෝස්තු මස 17වැනිදා සිට 28වැනිදා දක්වා පැවති එම රැස්වීම් සඳහා සහභාගී වූ නියෝජිතයින් වෙළඳාම, ප්‍රවාහනය, විද්‍යාව හා තාක්ෂණය සහ බලශක්තිය වැනි මාතෘකා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබේ.

මෙම වසරේ පෙබරවාරි සහ මැයි මාසවලදී, APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම් සහ අදාළ රැස්වීම් පිළිවෙලින් චීනයේ Guangzhou සහ Shanghai හි සාර්ථකව පවත්වන ලදී. තුන්වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ ඒ ආශ්‍රිත රැස්වීම් පැවැත්වීම මගින් චීනයේ විවිධ කලාපවල සුවිශේෂ සංවර්ධන ලක්ෂණ නැවත වරක් ලොවට ප්‍රදර්ශනය කෙරේ.

APEC “චීන වර්ෂය” සනිටුහන් කරන වැඩටසහන් මාලාව, නොවැම්බර් මාසයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත APEC නායකයින්ගේ නිල නොවන රැස්වීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇත.

About The Author