ජාත්‍යන්තර ප්‍රජාව එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ මූලික ස්ථාවරය කිසිදු අයුරකින් වෙනස් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (19) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.
තායිවාන ප්‍රදේශය චීනයේ කොටසක් වන බවට මැලේසියානු අග්‍රාමාත්‍ය Dato’ Seri Anwar bin Ibrahim මහතා මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක්දැයි වාර්තාකරුවෙක් එහිදී විමසා සිටියේය.
අග්‍රාමාත්‍ය Anwar මහතාගේ ප්‍රකාශය චීනය අගය කරන බව ලින් ජියන් මහතා ඊට පිළිතුරු දෙමින් පැවසීය. ලොව ඇත්තේ එකම චීනයක් පමණක් වන අතර, තායිවාන ප්‍රදේශය චීන භූමියේ වෙන් කළ නොහැකි කොටසකි. එබැවින් චීනය අනිවාර්යයෙන්ම නැවත එක්සත් විය යුතු අතර එය අනිවාර්යයෙන්ම එලෙසම සිදුවනු ඇත. ඒ අනුව එය යළි හැරවිය නොහැකි ඓතිහාසික ප්‍රවණතාවක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම