May 31, 2026

“දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය”ක්‍රියාත්මක කිරීමේ 26 වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ක්වාලාලම්පූර් හිදී

චීනය හා ආසියන් රටවල්“දකුණු චීන මුහුද පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය”ක්‍රියාත්මක කිරීම සඳහා 26 වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ඊයේ(21) මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වීය.

දකුණු චීන මුහුදේ සාමය සහ සන්සුන්භාවය පවත්වා ගැනීමේ වැදගත්කම විවිධ පාර්ශ්වයන් ඒකමතිකව එහිදී අවධාරණය කර ඇත. එම ප්‍රකාශය පුළුල් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා තමන්ගේ කැපවීම ඔවුහු නැවත තහවුරු කළහ. දකුණු චීන මුහුදේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සංවාද සහ උපදේශන ශක්තිමත් කිරීමට ඔවුහු එකඟත්වය පළ කළහ. “දකුණු චීන මුහුද පිළිබඳ ක්‍රියාකාරීත්ව සංග්‍රහය” පිළිබඳ උපදේශනවල පවතින ධනාත්මක ප්‍රගතිය සියලුම පාර්ශ්වයන් තහවුරු කළේය. එයට කඩිනමින් එළඹීමට එම උපදේශන විධිමත්ව පවත්වා ගැනීමට ද ඔවුන් කැමැත්ත පළ කර ඇත.

About The Author