16 වන චීන ජාත්‍යන්තර ඩිජිටල් ප්‍රකාශන ප්‍රදර්ශනය එළඹෙන 27 වැනිදා සිට 29 වැනිදා දක්වා චීනයේ Shandong පළාතේ Jinan නගරයේ පැවැත්වීමට නියමිතය.
‘ඩිජිටල් තාක්ෂණයෙන් අනාගතය නිර්මාණය කර කෘත්‍රිම බුද්ධියෙන් නව ගමනක් ආරම්භ කිරීම’ යන්න එහි ප්‍රධාන තේමාවයි.
මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශක ආයතන 500කට අධික සංඛ්‍යාවක් එක් වන අතර, චීනයේ පළාත් මට්ටමේ ප්‍රදේශ 20කින් නියෝජිත කණ්ඩායම් සහ රටවල් හා කලාප 30කට අධික සංඛ්‍යාවක විදේශීය ප්‍රදර්ශක ව්‍යාපාරයන්හි නියෝජිතයින් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
ප්‍රදර්ශනය විශේෂ ප්‍රදර්ශක කලාප හතකින් සමන්විත වන අතර, කැපී පෙනෙන චීන සාම්ප්‍රදායික සංස්කෘතිය සහ මාර්ගගත ක්‍රීඩා ප්‍රදර්ශනය කෙරෙන නව කලාපයක් ද ඊට ඇතුළත් වේ. එසේම ප්‍රදර්ශනය අතරතුර එක් ප්‍රධාන සංසදයක්, විශේෂ තේමාවන්ගෙන් සැදුම්ලත් සංසද හයක් සහ 80කට වැඩි ක්‍රියාකාරකම් ද පැවැත්වේ. ඩිජිටල් ප්රකාශනය සහ මානව-යන්ත්‍ර සහයෝගීතාව වැනි මාතෘකා යටතේ ආරාධිත අමුත්තන් එහිදී ඵලදායී විසඳුම් හුවමාරු කර ගනු ඇත.
මේ අතර, චීන මාධ්‍ය සහ ප්‍රකාශන ඇකඩමිය බහු පාර්ශ්ව සමඟ එක්ව කර්මාන්ත වාර්තා කිහිපයක් සහ AI යෙදුම් කර්මාන්ත ප්රමිතීන් පිළිබඳ අදියරේ ප්‍රතිඵල මෙහිදී ඒකාබද්ධව ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම