Lancang-Mekong සහයෝගිතා යාන්ත්‍රණයේ විදේශ අමාත්‍යවරුන්ගේ 10 වන රැස්වීම ඊයේ (15) චීනයේ යුන්නාන් පළාතේ Anning නගරයේ පැවැත්විණ.
චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ තායි විදේශ අමාත්‍ය Maris Sangiampongsa මහතා එම රැස්වීමේ මුලසුන දැරූහ. කාම්බෝජ උප අගමැති හා විදේශ අමාත්‍ය Prak Sokhonn, ලාඕස විදේශ අමාත්‍ය Thongsavanh Phomvihane, මියන්මාර විදේශ අමාත්‍ය Than Swe සහ වියට්නාම උප අගමැති සහ විදේශ අමාත්‍ය Bùi Thanh Sơn යන මහත්වරු එම රැස්වීමට සහභාගී වූහ.
ගෙවි ගිය වසර 10 තුළ, Lancang-Mekong සහයෝගිතා යාන්ත්‍රණයේ විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කර ඇති බව වං යී මහතා එම රැස්වීමේදී ප්‍රකාශ කළේය. රටවල් හයේ නායකයින්ගේ වැදගත් එකඟතාවයන් ඵලදායීව ක්‍රියාත්මක කර ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලබා දෙමින් කලාපීය ස්ථාවරත්වයට සහ සමෘද්ධියට වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරි සංවර්ධනය සඳහා වං යී මහතා එහිදී යෝජනා හතරක් ඉදිරිපත් කර ඇත: එනම් සහයෝගිතා යාන්ත්‍රණය වැඩිදියුණ කිරීම; නව්‍ය සංවර්ධනයට අනුගත වීම; නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව පුළුල් කිරීම; මානව හුවමාරුව ශක්තිමත් කිරීම යන්නයි.
සාමය සහ සමෘද්ධිය කරා ගමන් කරමින් පොදු ඉරණමක් සහිත Lancang-Mekong ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු බව වං යී මහතා එම රැස්වීමේදී අවධාරණය කර ඇත.
“Lancang-Mekong සහයෝගීතාවේ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම (2023-2027) ක්‍රියාත්මක කිරීම පිළිබඳ 2024 ප්‍රගති වාර්තාව” ඇතුළු ප්‍රතිඵල ලේඛන තුනක් එම රැස්වීමේදී නිකුත් කෙරිණ.
More Stories
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් චීන ජනපති ප්‍රධානත්වයෙන්
චීන වසන්ත උත්සව සමයේ බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 5.7 ඉක්මවයි
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම් කාලය සාර්ථකව ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනපතිවරයා අවධාරණය කරයි