චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සෞදි අරාබියේ අගමැති සහ ඔටුන්න හිමි Mohammed bin Salman කුමරු සමඟ ඊයේ(20) පස්වරුවේ දුරකථන සංවාදයක් පැවැත්විය.
මෙම වසර චීන-සෞදි අරාබි විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ 10 වැනි සංවත්සරය සනිටුහන් කරන බවත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දෙරට අතර ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කොට විවිධ ක්ෂේත්‍රයන්හි හුවමාරු පුළුල් කිරීම සඳහා සෞදි අරාබිය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ වත්මන් තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්, චීනය ක්ෂණික හා පුළුල් සටන් විරාමයක් වෙනුවෙන් පෙනී සිටින බවත්, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් ගැටලු විසඳීමට චීනය සහාය දෙන බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සෞදි අරාබියට අතිශයින් වැදගත් වන බව Mohammed bin Salman කුමරු එහිදී කියා සිටියේය.
මැද පෙරදිග වත්මන් ගැටුම ගල්ෆ් කලාපයේ රටවල ආරක්ෂාවට හානි කරමින් ගෝලීය බලශක්ති සැපයුම් හා ආර්ථික වර්ධනයට බරපතල ලෙස බලපායි. සටන් විරාමය පවත්වා ගැනීම සඳහා චීනය සමඟ සන්නිවේදනය හා සම්බන්ධීකරණය ශක්තිමත් කොට කලාපයේ තිරසර සාමය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ඒකාබද්ධව උත්සාහ දැරීමට සෞදි අරාබිය කැමැත්තෙන් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ