චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඊයේ(27) ඇමරිකානු රාජ්‍ය ලේකම් Marco Rubio මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
Kuala Lumpur හි ආර්ථික හා වෙළඳ සාකච්ඡා හරහා දෙපාර්ශ්වය තම ස්ථාවරයන් පැහැදිලි කළ අතර, අවබෝධය වැඩි දියුණු කර, වර්තමාන දැවෙන ආර්ථික හා වෙළඳ ගැටලු අන්‍යෝන්‍ය වශයෙන් විසඳීම පිළිබඳ රාමුගත සම්මුතියකට එළඹුණු බව Wang Yi මහතා ප්‍රකාශ කළේය. දෙපාර්ශ්වය ඉදිරියේ දී යළිත් එකිනෙකා හමුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, චීනය සහ ඇමරිකාව අතර ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා සඳහා සූදානම් වන බවත්, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා කොන්දේසි නිර්මානය කරන බවත් ඔහු පැවසීය.
ඇමරිකා-චීන සම්බන්ධතාවය ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සම්බන්ධතාවය බව Marco Rubio මහතා පැවසීය. ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා හරහා ලෝකයට ධනාත්මක සංඥාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති