February 28, 2026

අනාගතයේ සංවර්ධනය විය හැකි කර්මාන්ත පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි–චීන ජනපති

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ ඊයේ(30) පස්වරුවේ අනාගතයේ සංවර්ධනය විය හැකි කර්මාන්ත පිළිබඳ සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ වැඩමුළුවකට එක් වූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුවේදී චීන තොරතුරු සන්නිවේදන පර්යේෂණ ඇකඩමියේ Yu Xiaohui මහතා අදාළ කරුණු හඳුන්වා දෙමින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළේ ය. දේශපාලන කාර්යාංශ සාමාජිකයන් ඊට සවන් දෙමින් සාකච්ඡා පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං ජනාධිපතිවරයා දේශනයක් සිදු කළේ ය. 

නව වටයේ විද්‍යා තාක්ෂණ විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණය වේගයෙන් ඉදිරියට ගෙන යමින් නවීන තාක්ෂණ අඛණ්ඩව ශක්තිමත් කිරීමෙන් අනාගතයේ සංවර්ධනය විය හැකි කර්මාන්ත කඩිනමින් සංවර්ධනය කරමින් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය. ශක්තිමත් රටක් ගොඩනැගීම, ජාතික පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය මත කටයුතු කළ යුතු ය. එමෙන්ම වාස්තවික තත්ත්වයන් මත පදනම්ව චීනයේ සාපේක්ෂ වාසි ප්‍රයෝජනයට ගනිමින් ක්‍රමානූකූලව ස්ථාවර සංවර්ධනයක් වෙත ගමන් කිරීමට හැකි අනාගත කර්මාන්ත බිහි කළ යුතු ය. චීනයේ අනාගතයේ සංවර්ධනය විය හැකි කර්මාන්තව සංවර්ධනයෙන් නව ප්‍රතිඵල අඛණ්ඩව දිනා ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය. 

මෙම කර්මාන්ත සංවර්ධනය කිරීමේදී ව්‍යවසායන්ගේ ප්‍රධාන කාර්යභාරයන් ඉටු කරමින් විවිධ නවෝත්පාදන සම්පත් ව්‍යවසායන් වෙත ඒකරාශී වීම ප්‍රවර්ධනය කළ යුතු බවද හෙතෙම පැවසීය. එමෙන්ම මෙම කර්මාන්ත බිහි කිරීමට දිගු කාලයක් අවශ්‍ය වන බවත් වෙළඳපොලේ විශාල අභියෝග පවතින බැවින් ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය සේවා ඊට අනුකූලව යහපත් ලෙස සැපයුම් කටයුතු කළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ විවිධ මට්ටමේ නිලධාරීන් විද්‍යා තාක්ෂණ නවීන දැනුම පිළිබඳ අධ්‍යයනය තහවුරු කළ යුතු බවත් විද්‍යා තාක්ෂණ හා කර්මාන්ත සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගෙන යහපත් තීරණ ගැනීමට උත්සාහ දැරිය යුතු බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය. 

About The Author