චීන රතු හමුදාවේ දිගු පා ගමන හෙවත් Long March ඓතිහාසික ජයග්‍රහණයේ 90වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධාන කළ විශේෂ ප්‍රදර්ශනයක් ඊයේ(22) බෙයිජිංහි චීන මහජන විප්ලවීය හමුදා කෞතුකාගාරයේදී ආරම්භ විය.
එහි සමාරම්භක උත්සවයට එක් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු වන Cai Qi මහතා එහිදී අදහස් දක්වමින් කියාසිටියේ මෙම ඓතිහාසික දිගු පා ගමනේ ජයග්‍රහණය ලෝකය ම පුදුමයට පත් කළ අතර එය ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සදාකල් සිහිපත් වනු ඇති බවය.
මෙම ජයග්‍රහණය චීන කොමියුනිස්ට් පක්ෂයට මෙන්ම චීන විප්ලවයට විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව ද ඔහු පැවසීය. එමෙන්ම එය ජාතියේ නැවත නැඟී සිටීමේ ඓතිහාසික ගමනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙන බව ඔහු සඳහන් කළේය.
Long March යනු 1934 සිට 1936 දක්වා පැවති දැවැන්ත පා ගමනකි. එවකට චීන කොමියුනිස්ට් පක්ෂය නායකත්වය ලබා දුන් රතු හමුදාව ජයග්‍රාහී ලෙස කුවොමින්ටැං හමුදාවේ වටලෑම් බිඳ දමා ඉදිරියට ගමන් කළේය. එහිදී රතු හමුදා සෙබළු ගංගා, හිමෙන් වැසුණු කඳු සහ දුෂ්කර තණබිම් හරහා කිලෝමීටර් දහස් ගණන් ඇවිද ගොස් තිබේ.
මෙම ගමන චීන විප්ලවයේ අවසාන ජයග්‍රහණයේ පදනම ලෙස සැලකේ. චීන කොමියුනිස්ට්වාදීන් සහ රතු හමුදා සොල්දාදුවන්ගේ අසීමිත කැපකිරීම් මතින් ගොඩනැගුණු “Long March ජීවගුණය”මේ දක්වාම චීන ජනතාවට දුෂ්කරතා ජයගෙන ඉදිරියට යාමට ප්‍රබල ආශිර්වාදයක් වී ඇති බව Cai Qi මහතා එහිදී කියාසිටියේය.
මෙම විශේෂ ප්‍රදර්ශනය අරමුණු, විශ්වාස, දේශප්‍රේමී හැඟීම් සහ විප්ලවීය සම්ප්‍රදායන් පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට හැකි වැදගත් අවස්ථාවක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීනයෙන් තීරණයක්
‘පූර්ණ හා දැඩි විනයකින් යුතුව පක්ෂ පාලනය ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ට අදාළ කරුණු ඉදිරිපත් කෙරේ
පක්ෂ පාලනය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්