November 10, 2026

Lai Ching-te ගේ ප්‍රකාශය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ගැටුම්කාරී තත්ත්වය අවුළුවාලීමක්-චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය

චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ගේ ප්‍රකාශය තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ගැටුම්කාරී තත්ත්වය අවුළුවාලීමක් බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Lai Ching-te ඊයේ (10) ඊනියා “Double Tenth” ප්‍රකාශය සිදු කරමින් මහගොඩබිමේ හමුදා තර්ජනය තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් කරන බවට ප්‍රකෝපකාරී ලෙස පැවසීය. ඒ පිළිබඳව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Chen Xi මහතා ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසීය.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් පමණක් වන අතර, තායිවාන ප්‍රදේශය චීනයේ කොටසකි. එය තායිවාන සමුද්‍ර සන්ධියේ සැබෑම තත්ත්වය බව Chen Xi මහතා අවධාරණය කළේය.

Lai Ching-te ගේ ප්‍රකාශය සත්‍ය පිළිබඳ නොසලකා හරිමින්, හරි-වැරදි බව විකෘති කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. මෑත වසරවල ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය සිය ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් බෙදුම්වාදය පසුපස දැඩි ලෙස හඹා යමින් තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයන් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් බලහත්කාරයෙන් යොදා ගැනීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.

චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත අවට සිදු කරන නීත්‍යනුකූල අභ්‍යාස මගින් එම බෙදුම්වාදය සහ බාහිර මැදිහත්වීමේ කුමන්ත්‍රණ මැඩපැවැත්වන අතර, තායිවාන ස්වදේශිකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සුරක්ෂිත කරනු ඇත. එය කිසිදු දෝෂදර්ශණයකට ලක් කළ නොහැකි බව Chen Xi මහතා අවධාරණය ක‍ර ඇත.

About The Author