April 16, 2026

ඉරාන යුද්ධය කිසි විටෙකත් සිදු නොවිය යුතු දෙයක්–චීන විදේශ අමාත්‍යවරයා

ඉරානයේ තත්ත්වය වත්මන් ජාත්‍යන්තර කටයුතු තුළදී වැඩිම අවධානයට ලක්වූ ගැටලුව බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා සඳහන් කරයි. මෙය කිසිදා සිදු නොවිය යුතු යුද්ධයක් වන අතර කිසිදු පාර්ශ්වයකට ප්‍රතිලාභයක් නොදෙන යුද්ධයක් බව ද ඔහු කීය.

ඔහු මෙසේ පැවසුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය ඊයේ(8) පැවති රාජ්‍යතාන්ත්‍රිකත්වය තේමා කර ගත් මාධ්‍ය හමුවේදීය.

ඉරානය සහ මැදපෙරදිග සම්බන්ධ ගැටලු නිවැරදිව හා නිසි ලෙස හැසිරවීමේදී මූලික මූලධර්ම කිහිපයකට අනුකූල විය යුතු යැයි චීනය විශ්වාස කරන බව වං යී මහතා ප්‍රකාශ කළේය. එනම්, ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම, ප්‍රචණ්ඩත්වය අනිසි ලෙස භාවිත නොකිරීම, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, උණුසුම් කලාපීය ගැටලු දේශපාලන මාර්ගයෙන් විසඳීම සහ වැඩි ජාත්‍යන්තර බලපෑම් සහිත දැවැන්ත රටවල් සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කරමින් තම බලය යහපත් අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කිරීම බව ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර, කැළඹිලි සහගත තත්ත්වය සහ යුද්ධය පලස්තීන ජනතාවගේ ඉරණම නොවිය යුතු බව ද වං යී මහතා ප්‍රකාශ කළේය. වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස, චීනය සැමවිටම පලස්තීනයේ නීත්‍යනුකූල ජාතික අයිතිවාසිකම් සඳහා වන සාධාරණ අරගලයට සහාය දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව යුක්ති සහගතව පලස්තීන ජනතාවට සැලකීම ප්‍රවර්ධනය කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

About The Author