චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය පාලන මුලපිරුම ඉදිරිපත් කිරීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය නිල ප්‍රතිචාර දක්වයි.
“ෂැංහයි සහයෝගීතා සංවිධානය +” සමුළුවේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එම මුලපිරුම 2025 SCO නායක සමුළුවේ සුවිශේෂ ජයග්‍රහණයක් වන අතර, එම මුලපිරුම ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවර සමුළුව සමස්ත මානවයා සඳහා මඟ පෙන්වීමේ සංධිස්ථානයක් බවට පත්ව ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
ගෝලීය සංවර්ධන, ආරක්ෂක සහ ශිෂ්ටාචාර මුලපිරුම් තුනට පසුව, ගෝලීය පාලන මුලපිරුම චීනය ලෝකයට දායක වන තවත් වැදගත් පොදු සංකල්පයක් බව ඔහු පෙන්වා දුන්නේය. එම මුලපිරුම් හතර, විවිධ අංගවලින් වත්මන් කැළඹිලි සහිත ලෝකයට ස්ථාවරත්වය සහ නිශ්චිතභාවය එකතු කරමින්, ජාත්‍යන්තර කටයුතුවලදී චීනයේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන බව Guo Jiakun මහතා අවධාරණය කර ඇත.
More Stories
ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල
සංශෝධිත ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’ එළි දැක්වෙයි
මේ වසරේ ආරම්භයේම චීන චිත්‍රපට බොක්ස් ඔෆිස් ආදායම වාර්තාගත ලෙස ඉහළට