ජපාන අගමැතිනි Sanae Takaichi චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ ව පසුගියදා සිදු කළ අසත්‍ය ප්‍රකාශ කෙරෙහි ජපාන හිටපු අගමැතිවරුන් කිහිප දෙනෙකුගෙන් පොදුවේ චෝදනා එල්ල වී තිබේ.
ජපානයේ විශාලතම විපක්ෂය වන ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධානියා වන හිටපු අගමැති Yoshihiko Noda ඊයේ (16) පැවති පක්ෂ රැස්වීමේදී Sanae Takaichi ගේ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් චෝදනා කර ඇත. ජපාන-චීන සබඳතාවට අදාළ සීමාවන් ද ඉක්මවා යමින් සිදු කර තිබෙන එම ප්‍රකාශ හේතුවෙන් දෙරට අතර සබඳතා ඉතා ගැටළුකාරී තත්වයකට පත්ව ඇත. එය දැඩි නොසැලකිලිමත් ක්‍රියාවක් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
තායිවානයට අදාළ කටයුතු, චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බව චීනය සැමවිටම පෙන්වා දී ඇතැයි ජපානයේ හිටපු අගමැති Shigeru Ishiba සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයන් ඇති වුවහොත්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමෙන් සහ තීරණත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් ජපානයේ අනුප්‍රාප්තික රජයන් සැමවිටම වැළැකී සිටින බවද හෙතෙම පැහැදිළි කර ඇත.

එමෙන්ම ජපානයේ හිටපු අගමැති Yukio Hatoyama සමාජ මාධ්‍යයන් වෙත ලිපියක් නිකුත් කරමින් Sanae Takaichi ගේ අසත්‍ය ප්රකාශයන්ට එරෙහිව චෝදනා කර තිබේ. අර්බුදකාරී තත්ත්වයන් ඇති කරන අදාළ ප්‍රකාශ, තම හමුදා බලය තරකිරීම සාධාරණීකරණය සඳහා නිර්මාණය කළ නිදහසට කරුණක් බව හෙතෙම එහිදී සඳහන් කර ඇත. එමෙන්ම තායිවානය චීනයේ කොටසක් බවත්, ජපානය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත් Yukio Hatoyama සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කළේය.

More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි