
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා (7) පස්වරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරයට එක් වන හමුදා හා සන්නද්ධ පොලිස් නියෝජිත කණ්ඩායමේ පූර්ණ රැස්වීමට එක් විය.
නියෝජිතයින් සිදු කළ කතාවන්ට සවන් දී, ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී වැදගත් කතාවක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ සිට, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ මහජන විමුක්ති හමුදාව දේශපාලන පාලනය ශක්තිමත් කිරීමෙන් සැලකිය යුතු ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
15 වන පස් අවුරුදු සැලැස්මේ ආරම්භයේදීම හමුදාව දැඩි ලෙස අධීක්ෂණය කර ගනිමින් විනය ශක්තිමත් කර ගත යුතුය. හමුදා අයවැය කළමනාකරණය පිළිබඳ ප්‍රතිසංස්කරණ තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පැවසීය. විප්ලවීය සහ වෘත්තීය කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින්, නව යුගයේ හමුදා සංස්කෘතිය ගොඩනැගීම ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
15 වන පස් අවුරුදු සැලැසුම් කාලය තුළ මහජන විමුක්ති හමුදාවේ ශත සංවත්සර ඉලක්කය කාලසටහනට අනුව සාක්ෂාත් කර ගත යුතු බවත්, දේශපාලනිකව හමුදාව පාලනය කිරීමේ අද්විතීය වාසි සම්පූර්ණයෙන්ම උපයෝගී කරගෙන ජාතික ආරක්ෂා සහ හමුදා නවීකරණය ස්ථාවරව හා තිරසරව ඉදිරියට ගෙන යා යුතු බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කර තිබේ.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි