චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක Sam Hou Fai මහතා හමු වෙයි. ඒ අද (16) පස්වරුවේ බෙයිජිං හිදීය.
එහිදී Sam Hou Fai මහතා මැකව් විශේෂ පරිපාලන කලාපීය රජයේ කටයුතු සහ මැකව් හි වත්මන් තත්ත්වය පිළිබඳව ෂී ජින් පිං ජනාධිපතිවරයා වෙත විස්තර කළේ ය. ගෙවුණු වසරේ Sam Hou Fai මහතාගේ මූලිකත්වයෙන් මැකව් විශේෂ පරිපාලන කලාපීය රජය ඉටු කර ඇති කාර්යභාරය එහිදී චීන ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. මැකව් හි දිගුකාලීන ස්ථාවරත්වය හා සමෘද්ධිය වෙනුවෙන් “එක් රටක් ක්‍රම දෙකක්”සහ “ මැකව් වැසියන් විසින් මැකව් පාලනය කරනු ලැබීම”යන ප්‍රතිපත්ති නොවෙනස්ව පිළිපදිමින් මැකව් හි ඉහළ මට්ටමේ ස්වයං පාලනයක් පවත්වාගෙන යා යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. මධ්‍යම රජය සකස් කළ“15වැනි පස්අවුරුදු සැලැස්මට” මැකව් විශේෂ පරිපාලන කලාපය ක්‍රියාශීලිව එක් වෙමින් මව් රටේ සංවර්ධනය සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි