චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, කිර්ගිස්ථානයේ Bishkek නුවරදී පැවැත්වීමට නියමිත 2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුව සඳහා එක්වීමට ඊයේ(30) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවරින් පිටත් විය. ඉන් අනතුරුව හෙතෙම කිර්ගිස්ථානයේ හා ඊජිප්තුවේ රාජ්‍ය සංචාරයන්හි ද නිරත වීමට නියමිතය. කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov හා ඊජිප්තුවේ ජනාධිපති Abdul Fatah Al-Sisi යන මහත්වරුන්ගේ ඇරයුමට අනුව ෂී ජින්පිං මහතා එම රාජ්‍ය සංචාරයන්ට එක්වනු ඇත.
ෂී ජින්පිං මහතාගේ ආර්යා Peng Liyuan මහත්මිය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික Cai Qi මහතා, දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ ඇමති Wang Yi මහතා ද එම සංචාරයට එක් වෙති.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම