චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වෙයි. ඊයේ(13) චීනයේ බෙයිජිං නගරයේ දී එම හමුව සිදුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය චීනයට පැමිණ සිටී.
Li Qiang මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බවයි. මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ නිල සංචාරයක නිරත විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඔහු සමඟ වැදගත් හමුවක් පැවැත්වූ අතර, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මග පෙන්වීමක් ලබා දුන්නේ ය.
ශ්‍රී ලංකාව සමඟ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ගුණත්මකව පොදුවේ ගොඩනැගීමේ රාමුව යටතේ, ආර්ථික සහ වෙළඳාම යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට දායකවීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. දෙපාර්ශ්වය එක්ව “ගෝලීය පාලන මුලපිරීම” ක්‍රියාත්මක කිරීමෙන්, බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කළ යුතු බව, Li Qiang මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
එකම චීනය යන මූලධර්මයට ශ්‍රී ලංකාව අනුගත වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී අවධාරණය කළා ය. ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල සහ “ගෝලීය පාලන මුලපිරුම” සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වයි. චීනය සමඟ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීමට මෙන්ම, ශ්‍රී ලංකා-චීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ද ඇය එහිදී සඳහන් කළා ය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි