චීන අගමැති ලී ච්‍යං මහතා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පසුගියදා(26) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයේ පොදු විවාදයට සහභාගී වෙමින් දේශනයක් සිදු කළේය.
චීනය සැමවිටම ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ආරක්ෂකයෙකු, ගෝලීය පොදු සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවර්ධකයෙකු, ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනයේ ක්‍රියාකාරිකයෙකු සහ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ වගකිවයුතු සහභාගිවන්නෙකු බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. මෑත වසරවලදී, ජනාධිපති ෂී ජින්පිං මහතා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ සංකල්පය මෙන්ම, ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම සහ ගෝලීය පාලන මුලපිරුම පිළිවෙලින් ඉදිරිපත් කර ඇත. එම සංකල්ප හා මුලපිරුම්, විපර්යාසයෙන් සපිරි ගෝලීය තත්ත්වයට මුහුණ දීමටත් දැවැන්ත ගෝලීය ගැටලු විසඳීමටත් චීන ප්‍රඥාව සහ විසඳුම් දායක වන බව ලී ච්‍යං අගමැතිවරයා අවධාරණය කළේය. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශක්තිමත් මෙහෙයුම් සම්බන්ධීකරණයෙන් වඩාත් ප්‍රායෝගික ගැටලු විසඳීමට චීනය සියලු පාර්ශ්වයන් සමඟ එක්ව ක්‍රියා කිරීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
More Stories
10 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ
රාජ්‍ය සංචාරයක් සඳහා උතුරු කොරියාවට පැමිණි චීන ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්
චීන ජනපති උතුරු කොරියාවේ රාජ්‍ය සංචාරයකට බෙයිජිං නගරයෙන් පිටත් වේ