November 10, 2026

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක්

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සැමරීම සඳහා පසුගියදා(1) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය  සැමරුම් උත්සවයක් පැවැත්විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong  මහතා එහිදී දේශනයක් සිදු කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩු බලය හිමි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා, එක්සත් ජාතික පක්ෂයේ  සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා යන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෝ මෙම උත්සවයට සහභාගී වී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය සහ මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ සහ බොහෝ රටවල තානාපතිවරු ඇතුළු 400කට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂය චීන ජනතාවට නායකත්වය දීමේ 105 වසරක තේජාන්විත ඉතිහාසය Qi Zhenhong  මහතා එහිදී සමාලෝචනය කළේ ය. නව යුගයේ ආරම්භයේ සිට ජනාධිපති ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කර ගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ, චීන ලක්ෂණවලින් යුත් නවීකරණයේ ඓතිහාසික ජයග්‍රහණ පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය. නවීකරණය අඛණ්ඩව සිදු කරමින් සිටින චීනය නිසැකවම ලෝකයට වැඩි අවස්ථා ලබා දෙනු ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගෙවී ගිය වසර 105 තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය ටිල්වින් සිල්වා මහතා ඉහළින් අගය කළ අතර, දරිද්‍රතාවය තුරන් කිරීම, නවීකරණය සහ මානව ප්‍රගතිය පිළිබඳ චීනයේ කැපී පෙනෙන ජයග්‍රහණ ද ඔහු අගය කළේය. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනයේ මඟ පෙන්වීම යටතේ, චීන ජනතාව එක්සත් කිරීම සහ මෙහෙයවීම තුළින් චීන කොමියුනිස්ට් පක්ෂය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ සජිත් ප්‍රේමදාස, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන සහ ජී. වීරසිංහ යන මහත්වරුන් සිය ප්‍රසාදය පළ කළහ.

About The Author