November 10, 2026

චීන Jingye සමූහයට අයත් බ්‍රිතාන්‍ය වානේ සමාගම ජනසතු කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි අවධානය

නීතියක් සම්මත කරමින් චීන Jingye සමූහයට අයත් බ්‍රිතාන්‍ය වානේ සමාගම ජනසතු කළ බවට පසුගිය 16වැනිදා එරට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එම තීරණය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(18) වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.

මේ සම්බන්ධයෙන් චීන ජනතාවගේ විශාල අවධානයක් යොමු ව ඇති බව ඔහු පැවසීය. බ්‍රිතාන්‍යය මෙම සිද්ධිය හසුරුවන ආකාරය, බ්‍රිතාන්‍යයේ ආයෝජන පරිසරය පිළිබඳ චීන ආයෝජකයින්ගේ අවබෝධයට සහ බ්‍රිතාන්‍ය රජයේ විශ්වසනීයත්වය පිළිබඳ චීන මහජනතාවගේ අවබෝධයට සෘජුවම බලපානු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. චීනය සහ බ්‍රිතාන්‍යය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, ආයෝජකයින්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සම්පූර්ණයෙන් ම ආරක්ෂා කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. වෙළඳපල මූලධර්මවලට සහ ගිවිසුම්වලට ගරු කරන ලෙසත්, වන්දි ගෙවන්නේ කෙසේද යන්න ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සොයා ගන්නා ලෙසත් චීනය බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. අදාළ සමාගම්වලට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා නීතිමය ක්‍රම භාවිත කිරීමට චීනය සහාය දෙන බවත්, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

About The Author