චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (17) “2024 ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව” නිකුත් කළේය.
එම වාර්තාවට අනුව, ඇමරිකාවේ නිවාස නොමැති පුද්ගලයින්ගේ සංඛ්‍යාව නව ඉහළ මට්ටමකට පැමිණ ඇත. එරට වෛද්‍ය සහ රක්ෂණ පද්ධතීන්හි මිල අධික හා අකාර්යක්ෂම ය. තුවක්කු ප්‍රචණ්ඩත්වය ජනතා ජීවිතය තර්ජනයට ලක් කර ඇත. මේ අතර, ඇමරිකාවේ සිටින සුළු ජාතීන් දිගු කලක් රැකියාවේ සහ ජීවිතයේ පුළුල් වෙනස්කම් කිරීම්වලට මුහුණ දී ඇත. දේශපාලන අරගල මධ්‍යයේ එරට කාන්තාවන්ගේ හා ළමයින්ගේ සෞඛ්‍ය අයිතිවාසිකම් නිසි ලෙස ආරක්ෂා වී නොමැත. එමෙන්ම, ඇමරිකාවේ දේශසීමාවේ මානුෂීය අර්බුදය තවදුරටත් නරක අතට හැරෙමින් පවතින අතර, සංක්‍රමණිකයින්ගේ මානව හිමිකම් අනුකම්පා විරහිතව උල්ලංඝනය කිරීමක් දක්නට ලැබෙන බව එම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.
ඇමරිකාව දිගු කලක් තිස්සේ ආධිපත්‍යය සහ ඒකපාර්ශ්විකත්වය අනුගමනය කරමින් සෙසු රටවල මානව හිමිකම් ඕනෑකමින් උල්ලංඝනය කරමින් සිටී. එය ගෝලීය සාමය, ආරක්ෂාව සහ සංවර්ධනයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බව එම වාර්තාව අවධාරණය කරයි.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි