March 1, 2026

චීනයේ නැව් ඉදිකිරීමේ කර්මාන්තය වසර 16ක් තිස්සේ අඛණ්ඩව ලොව ප්‍රමුඛ ස්ථානයේ

චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2025 වසරේ චීනයේ නැව් ඉදිකිරීමේ කර්මාන්තයේ ප්‍රධාන දර්ශක තුනක් අඛණ්ඩව වසර 16ක් තිස්සේ ලොව ප්‍රමුඛ ස්ථානයේ සිටී.

අදාළ දත්තවලට අනුව, පසුගිය වසරේ චීනයේ නැව් ඉදිකිරීමේ පරිමාව DWT මිලියන 53.69කි. එම ප්‍රමාණය පසුගිය 2024 වසරට සාපේක්ෂව සියයට 11.4කින් වැඩිවීමක් අතර එය ගෝලීය වෙළඳපොලේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 56.1ක් අත්පත් කර  ගෙන ඇත. 

එමෙන්ම නැව් ඉදිකිරීමේ නව ඇණවුම් ප්‍රමාණය DWT මිලියන 107.82ක් වූ අතර එය ගෝලීය වෙළඳපොලේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 69කි. 2025 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට, චීනයේ අදාළ කර්මාන්තයේ පවතින ඇණවුම් DWT මිලියන 274.42ක් වූ අතර එය 2024 වසරට වඩා සියයට 31.5කින් වැඩි වී ගෝලීය වෙළඳපොලේ සමස්ත ප්‍රමාණයෙන් සියයට 66.8 ක් විය.

එමෙන්ම 2025 වසරේ චීනයේ ප්‍රධාන නැව් ඉදිකිරීමේ ව්‍යවසායන්හි ජාත්‍යන්තර තරඟකාරිත්වය අඛණ්ඩව ශක්තිමත් වෙමින් පැවතීම තවත් විශේෂත්වයකි. ප්‍රධාන නැව් වර්ග 18 න් 16 ක් සඳහා නව ඇණවුම් ලබා ගැනීමේදී චීනය ලොව පළමු ස්ථානයේ සිටී. ලෝක මට්ටමේ හරිත හා බුද්ධිමය නැව් කිහිපයක් සැපයුම් කළ චීනයේ නැව් ඉදිකිරීමේ කර්මාන්තය ඉහළ මට්ටමට ළඟා වී තිබේ. එසේ ම චීනයේ නැව් ඉදිකිරීමේ කර්මාන්තය වැදගත් ජයග්‍රහණ අත්කර ගෙන ඉහළ ගුණාත්මක සංවර්ධනයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් දිනා ගත් බවද එහිදී ප්‍රකාශ කෙරිණ. 

About The Author