මැයි 4වැනිදා චීන ජාතික දුම්රිය පද්ධතියෙන් ප්‍රවාහනය කර ඇති මගීන්ගේ වාර ගණන මිලියන 20.383 ක් වූ බව චීන ජාතික දුම්රිය සමූහය අද(5) ප්‍රකාශ කළේය. මැයි දින නිවාඩු සමයේ ගමනාගමන කටයුතු ආරම්භ වූ අප්‍රේල් 29 වැනිදා සිට ජාතික දුම්රිය පද්ධතිය මගින් ප්‍රවාහනය කර ඇති මගීන්ගේ වාර ගණන මිලියන 117ක් වන අතර, ආරක්ෂිත, ස්ථාවර සහ ක්‍රමවත් ලෙස එම මෙහෙයුම් සිදු කරන බව ද එම සමූහය කියා සිටියේ ය.
අද(5) දුම්රිය සේවයෙන් ගම්බිම්වලට ආපසු පැමිණීමේ මගී ප්‍රමාණය ද අඛණ්ඩව ඉහළ යමින් පවතී. ජාතික දුම්රිය පද්ධතියෙන් ප්‍රවාහනය කෙරෙන මගීන්ගේ වාර ගණන මිලියන 23ක් බව අපේක්ෂා කරන අතර, අමතර මගී දුම්රිය 2225ක් යෙදවීමට සැලසුම් කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති