දුර්ලභ පස් ආශ්රිත අයිතම සඳහා අපනයන පාලනයන් ශක්තිමත් කිරීමට චීනය යොදා ගත් පියවර සම්බන්ධයෙන් ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා ප්‍රකාශයක් සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(16) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.
දුර්ලභ පස් ආශ්රිත අයිතම සඳහා අපනයන පාලනයන් සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අදාළ අංශ විසින් කිහිප වරක් පැහැදිලි කර තිබේ. අදාළ ක්‍රියාමාර්ග ජාත්‍යන්තර සාමාන්‍ය පියවරක් බව හෙතෙම ප්‍රකාශ කළේය. ලෝක සාමය හා කලාපීය ස්ථාවරත්වය වඩා යහපත් ලෙස සහතික කරමින් අවි පාලන හා නිර්ව්‍යාප්තිය යන ජගත් වගකීම් ඉටු කිරීම එහි ප්‍රධාන අර්මුණ බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති