November 10, 2026

සිය නිෂ්පාදනවලට එරෙහි ඇමරිකාවේ අත්තනෝමතික මර්දන පිළිවෙතට චීනයේ දැඩි විරෝධය

ඇමරිකාව ජාතික ආරක්ෂාව යන සංකල්පයට මුවාවෙමින් චීන ව්‍යවසායන් අසාධාරණ ලෙස මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීමට දැඩි ලෙස විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පවසයි.

චීනයේ නිෂ්පාදිත නව දෘශ්‍ය සම්ප්‍රේෂක මොඩියුල ආනයනය තහනම් කිරීම සඳහා ඇමරිකාව රෙගුලාසි කෙටුම්පත් කරමින් සිටීම පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ආරක්ෂණවාදයට ඇමරිකාවේ තරඟකාරිත්වය ඉහළ නැංවිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඇමරිකාවේ ක්‍රියාමාර්ග චීන සහ ඇමරිකානු ව්‍යවසායන් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ හුවමාරුවලට බරපතළ ලෙස බාධා කරන බවත් එය ඇමරිකානු ව්‍යාපාර සහ පාරිභෝගිකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවක් නොවන බවත් ඔහු පැවසීය. චීන ව්‍යවසායන්හි නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා චීනය ස්ථිර ව ආරක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

About The Author