February 28, 2026

ආත්මාර්ථකාමී අවශ්‍යතා වෙනුවෙන් චීනය හේතුවක් කර ගැනීමේ ක්‍රියාවන්ට චීනයෙන් දැඩි විරෝධය

ආත්මාර්ථකාමී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා චීනය හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් නේටෝ ප්‍රකාශකයෙකු කළ අදහස් දැක්වීමකට ප්‍රතිචාර දක්වමින්, එහි ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මයන්ට අනුකූලව රාජ්‍යයන් අතර සබඳතා හැසිරවීමට චීනය සැමවිටම පෙනී සිටී. ඊනියා “චීන තර්ජනය” සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර, ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා චීනය හේතුවක් ලෙස ඉදිරිපත් කිරීමට තරයේ විරුද්ධ වන බව ද Guo Jiakun මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author