ජපානය අවංකව තම ආක්‍රමණශීලි ඉතිහාසයට මුහුණ දී ඒ පිළිබඳව මෙනෙහි කළ යුතු අතර, චීනය ඇතුළු ගොදුරු වූ රටවල ජනතාවගේ හැඟීම්වලට සැබවින්ම ගරු කළ කරන ලෙස චීන විදේශ අමාත්‍යංශය ජපානයෙන් ඉල්ලා සිටී.
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා, හමුදා ආචාර පෙළපාළි ඇතුළු සැමරුම චීනයේ බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිතය. ජපාන රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා මෙවර සැමරුමට සහභාගී නොවන ලෙස යුරෝපීය සහ ආසියානු රටවලින් ඉල්ලා තිබෙන බව වාර්තා විය.
මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, ඉතිහාසය නිවැරදිව අවබෝධ කර ගැනීම සහ ඊට සැලකීම, ජපානය අසල්වැසි රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ඇති දේශපාලනික පදනම වනු ඇති බවයි. ජපානයට සැබවින්ම ස්ව ප්‍රතිසංස්කරණයක් කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් මිලිටරිවාදය සමඟ සබඳතා සම්පූර්ණයෙන්ම ඉවත් කර සාමකාමී සංවර්ධන මාවතට අනුගත විය යුතු බව, Guo Jiakun මහතා එහිදී අවධාරණය කළේ ය.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි