චීනයේ Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශවල සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරමින් නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව චීනය පවසයි.
චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Chen Xi මහතා අද(14) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ, පිලිපීනය හා ඔස්ට්‍රේලියාව මෑතකදී ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවීමක් පවත්වා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පිලිපීනය හා ඔස්ට්‍රේලියාව චීනයට එරෙහි ව එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට චීනය දැඩි විරෝධය පළ කරයි. Ren’ai ගල්පරය චීනයේ Nansha දූපත් සමූහයට අයත් කොටසක් මෙන්ම චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි. නීතිවිරෝධී අයුරින් Ren’ai ගල්පරය අසල මුහුදු ප්‍රදේශය වෙත ඇතුළුව සිටි පිලිපීනයේ අංක 57 දරන නෞකාව පිලිපීනය හැකි ඉක්මනින් අදාළ ප්‍රදේශයෙන් ඉවත් කළ යුතු බව Chen Xi මහතා පැවසීය. අසත්‍ය ප්‍රචාරය කිරීම් හා ප්‍රකෝප කිරීම් වහාම නතර කරන ලෙසත් කලාපීය සාමය හා ස්ථාවරත්වයට හානි සිදු නොකරන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බවද චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම