වෙනිසියුලාවේදී චීනය හා සෙසු රටවලට අදාළ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කළ යුතු බව චීනය අවධාරණය කරයි. චීනය, රුසියාව, ඉරානය හා කියුබාව සමග ඇති ආර්ථික සම්බන්ධතා අත්හිටුවමින් ඇමරිකාව සමග පමණක් ඛනිජ තෙල් නිෂ්පාදනය සිදු කරන ලෙස ඇමරිකාව වෙනිසියුලාවට බල කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (7) අදහස් දැක්වුවා ය.
මෙතෙක් ඇමරිකාව වෙනිසියුලාවට එරෙහිව දියත් කර ඇති සන්නද්ධ මෙහෙයුම් ජාත්‍යන්තර නීතිය, වෙනිසියුලාවේ ස්වෛරීභාවය, වෙනිසියුලානු ජනතාවගේ අයිතීන් බරපතල උල්ලංඝනය කිරීමක් බවත්, එය චීනය දැඩිව ලෙස හෙළා දකින බවත්, ඇය කියා සිටී. එසේ ම වෙනිසියුලාවේදී චීනය හා සෙසු රටවලට අදාළ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කර ඇත.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති