March 1, 2026

2026 වසරේ මේ දක්වා චීනය ගෝලීය බොක්ස් ඔෆිස් ශූරයා ලෙස ඉදිරියෙන්ම

මේ වන විට චීනය, උතුරු ඇමරිකාව පසුකරමින් ලොව වැඩිම චිත්‍රපට ආදායමක් උපයන වෙළෙඳපොළ බවට පත්ව තිබේ. අදාළ ටිකට්පත් වේදිකාවලට අනුව, 2026 වසරේ චීනයේ බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව විකුණුම් ඇතුළුව) ඊයේ(21) වනවිට ඇමරිකන් ඩොලර් මිලියන 970 ඉක්මවා ගොස් ඇත. එය උතුරු ඇමරිකාවේ බොක්ස් ඔෆිස් ආදායම වන ඇමරිකන් ඩොලර් මිලියන 938ක අගය අභිබවා යාමකි. 

පසුගිය පෙබරවාරි 15 වනදා ආරම්භ වූ චීන වසන්ත උත්සව නිවාඩුව චීනයේ ඉහළම බොක්ස් ඔෆිස් වාර්තාවට ප්‍රමුඛතම හේතුව වී තිබේ. මේ වනවිට චීනයේ නිවාඩු කාලයේ සිනමා ටිකට්පත් ආදායම යුවාන් බිලියන 4.4 ඉක්මවා ඇති අතර එය මෙම වසරේ  සමස්ත ඉපැයීමෙන් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයකි. 

චිත්‍රපට අධ්‍යක්ෂ Han Hanගේ හාස්‍ය චිත්‍රපට මාලාවේ තුන්වන කොටස වන “Pegasus 3” වසන්ත උත්සව සිනමා ටිකට්පත් විකුණුම් සටහනේ ඉදිරියෙන්ම සිටින අතර මෙම චිත්‍රපටය තිරගත වූ දා සිට යුවාන් බිලියන 2කට වඩා ආදායමක් උපයා ඇති බව වාර්තා වේ. එමෙන්ම ත්‍රාසජනක චිත්‍රපටයක් “Scare Out”බොක්ස් ඔෆිස් ආදායම් සටහනේ දෙවන ස්ථානය හිමි කර ගෙන ඇති අතර චීන සම්භාව්‍ය සටන් කලාවන් ඇතුළත් “Blades of the Guardians: Wind Rises in the Desert” නම් ක්‍රියාදාම චිත්‍රපටය තෙවන ස්ථානයට පත්විය.

About The Author