November 10, 2026

චීන ආර්ථික අපේක්ෂාවන් කෙරෙහි ගෝලීය විශ්වාසය තහවුරු කරන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය

04වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනයට විවිධ රටවල සමාගම් සහභාගී වීමෙන් පිළිබිඹු වන්නේ, දැවැන්ත චීන වෙළඳපොළ කෙරෙහි ඔවුන්ගේ ඇති අවධානය සහ චීන ආර්ථිකයේ අපේක්ෂාවන් කෙරෙහි ඇති විශ්වාසයයි.

ඇතැම් රටවල් ආරක්ෂණවාදය අනුගමනය කරන අතර චීනය ලෝකයට තම දොරටු තවදුරටත් විවෘත කිරීම තෝරා ගනිමින් සිටින බව සමහර විශ්ලේෂකයෝ විශ්වාස කරති. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රවර්ධන ප්‍රදර්ශනය, සැපයුම් දාමය තේමා කරගත් ලොව ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය බව ඔහු සඳහන් කළේය. එය චීන සහ විදේශීය ව්‍යවසායන් සඳහා ඔවුන්ගේ සැපයුම් දාම, ව්‍යාපාර පසුබිම සහ අවස්ථා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයන අතර හවුල්කරුවන් සහ විසඳුම් සොයා ගැනීමට පාලමක් ගොඩනඟයි. මෙවර ප්‍රදර්ශනය සඳහා රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 85කින් ප්‍රදර්ශකයන් 1,200කට වැඩි පිරිසක් සහභාගී වූ බව ඔහු සඳහන් කළේය. මෙහි විදේශීය ප්‍රදර්ශකයන් මුළු ප්‍රදර්ශනයෙන් 36%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කර ඇත. ලොව ප්‍රමුඛතම  ව්‍යවසායන් 500ක මෙන්ම විවිධ කර්මාන්තයන්හි ප්‍රමුඛ සමාගම්, ප්‍රදර්ශකයන් ලෙසට එක්වූ අනුපාතය සමස්තයෙන් 65%කට වඩා වැඩි අගයක් ගන්නා බවත් ඔහු තවදුරටත් පැවසීය.

About The Author