November 10, 2026

ඉදිරියටත් වෙනිසියුලාවට සහාය වන බව චීනය පවසයි

ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙනිසියුලාවට තවදුරටත් සහය දක්වන බව චීනය ප්‍රකාශ කර ඇත. වෙනිසියුලාවේ ඇති වූ භූකම්පනය  පිළිබඳ ව චීනය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනි Delcy Rodríguez මහත්මිය වෙත පසුගියදා පණිවිඩයක් යොමු කරමින් සිය ශෝකය පළ කළ බව ද ඇය සඳහන් කළාය.

මීට පෙර ලබා දුන් මුදල් ආධාරවලට අමතර ව, ආධාර වශයෙන් චීන යුවාන් මිලියන 100ක හදිසි ප්‍රදානයක්  චීන රජය ලබා දී ඇති බවත්, චීන රතු කුරුස සංගමය වෙනිසියුලා රතු කුරුස සංගමයට හදිසි මුදල් ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000 ක් ලබා දී තිබෙන බවත් ඇය පැවසුවාය.

චීන රජය ලබාදුන් ටොන් 80කට අධික මුල් ම ආධාර තොගය ඊයේ (6)  වෙනිසියුලාවට ළඟා වී ඇත. මේ අතර, චීනය වෙනිසියුලාවට ආපදා ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප ද ලබා දුන් අතර, වෙනිසියුලාවේ චීන ව්‍යවසායකයන් සහ චීන ප්‍රජාව උපකරණ සහ ආහාර තොග වෙනිසියුලාවට ලබා දී ඇති බවත් ඇය කියා සිටියාය.

About The Author