
2026 ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානයේ(APEC) නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබේ.
එම වෙබ්අඩවිය, සමුළුවේ සත්කාරකත්වය දරන චීනය දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් ගොඩනගා ඇති වේදිකාවකි. ප්රවෘත්ති නිවේදන, මාධ්‍ය දැනුවත් කිරීම, වැදගත් ක්‍රියාකාරකම් යනාදී අංශවලින් සමන්විත එම වෙබ්අඩවිය, සමුළුව පිළිබඳ වාර්තාකරණයට එක්වන මාධ්‍ය ආයතන වෙනුවෙන් තොරතුරු ලබා දීම සහ වාර්තා සැකසීම ඇතුළු පූර්ණ සේවා සැපයීමට සූදානමින් සිටී. එම වෙබ්අඩවිය සඳහා press.apec2026.cn යන සබැඳියෙන් පිවිසිය හැක.
මේ අතර 2026 වසරේ APEC සංවිධානයේ නායකයින්ගේ සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ Shenzhen සම්මන්ත්රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ අංක 2 ශාලාවේය. එය නොවැම්බර් මස 11වැනිදා විවෘත කිරීමට නියමිතය.
More Stories
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම
චීන රතු හමුදාවේ දිගු පා ගමනේ 90වන ජයග්‍රාහී සංවත්සරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහයෙන් ප්‍රදර්ශනයක්