චීන කාලගුණ විද්‍යා පරිපාලනයේ පර්යේෂක Wang Jinsong මහතා William Nordberg පදක්කමෙන් පිදුම් ලබයි. ඒ, ඔහු ඊයේ (03) ඉතාලියේ Florence හි පැවති අභ්‍යවකාශ පර්යේෂණ කමිටුවේ (COSPAR) 46 වන විද්‍යා සමුළුවට එක්ව සිටි අතරතුරදීය.
චීන ජාතික චන්ද්‍රිකා කාලගුණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම Fengyun කාලගුණ චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ප්‍රධාන නිර්මාණකරුවා ලෙස ද කටයුතු කරන Wang Jinsong මහතා ප්‍රමුඛ චීන විද්‍යා කාර්ය මණ්ඩලයට, චීනයේ අභ්‍යවකාශ කාලගුණ ව්‍යාපාරය ආරම්භ කළ දා සිට මේ දක්වා එය ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන මට්ටමක් දක්වා වර්ධනය කිරීමට සමත් වී ඇත.
අභ්‍යවකාශ විද්‍යාව වෙනුවෙන් ඇපකැප වෙමින් අපරිමිත මෙහෙයක් ඉටු කළ, දැවැන්ත ජයග්‍රහණයන් ලබා ගත් සම්මානලාභීන් William Nordberg පදක්කම මගින් ඇගයීමට ලක් කෙරේ. 1988 වසරේදී මෙම සම්මානය ප්‍රදානය ඇරඹීමෙන් පසු, ඊට හිමිකම් කීමේ කීර්තිය උසුලන ප්‍රථම චීන විද්‍යාඥයා ද Wang Jinsong මහතා වෙයි. ඊට සමගාමීව ඔහුගේ නමින් අභ්‍යවකාශ ග්‍රහකයක් නම් කර තිබීම ද විශේෂත්වයකි. ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබීම චීනයේ අභ්‍යවකාශ විද්‍යා හා එහි භාවිතයන් සඳහා වූ පර්යේෂණ ප්‍රගතීන් ජාත්‍යන්තර තලයේ ඉහළ ඇගයීමට ලක්ව තිබීම මනාව පිළිබිඹු කෙරේ.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම