චීන ලක්ෂණයෙන් යුත් මූල්‍ය සංවර්ධන මාවතේ නියැළී සිටිමින් රට මූල්‍යමය වශයෙන් සවිබලගැන්වීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. මේ පිළිබඳ ලිපියක් හෙට (1) චීනයේ Qiu Shi සඟරාවෙහි පළ කෙරේ.
පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වන ජාතික කොංග්‍රසයේ සිට මේ දක්වා නව යුගයේ මූල්‍ය වර්ධන න්‍යායන්, විශේෂයෙන් චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී මූල්‍ය ක්‍රියාකාරීත්ව ස්වභාවය සම්බන්ධව රජය ගැඹුරු අධ්‍යයනයක නිරතව සිටින බව එම ලිපියෙහි සඳහන් වෙයි. එම අධ්‍යයනය තුළින් රටේ මූල්‍ය සංවර්ධනය වෙනුවෙන් න්‍යායික වශයෙන් පමණක් නොව ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙන් ද නවෝත්පාදන මාර්ගයක් නිර්මාණය කර ඇත. රට මූල්‍යමය වශයෙන් සවිබලගැන්වීමේදී ප්‍රබල ආර්ථික අඩිතාලමක් හා ශක්තියක්, ලොව ප්රමුඛ විද්‍යා තාක්ෂණික ශක්තියක්, පරිපූර්ණ ජාතික බලයක් සහ තීරණාත්මක කේන්ද්‍රීය මූල්‍ය අංග රැසක් තිබිය යුතු බව එම ලිපියෙන් අවධාරණය කෙරේ. එසේම චීන ලක්ෂණයෙන් යුත් නවීණ මූල්‍ය පද්ධතියක් ගොඩනැංවීම, රට මූල්‍යමය වශයෙන් සවිබලගැන්වීම සඳහා අත්‍යවශ්‍ය වන බව ද එමගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
More Stories
චීන විදේශ අමාත්‍යවරයා සහ කැනේඩියාවේ අගමැතිවරයා අතර හමුවක්
යුරෝපා කොමිසම වෙනස් ව සැලකීමේ සීමාවන් ක්‍රියාත්මක කරන්නේ නම් චීනය දැඩි ප්‍රති පියවර ගනු ඇත-චීන වාණිජ අමාත්‍යාංශය
Shenzhou 21 ගගනගාමීහූ සාර්ථකව යානයෙන් පිටතට පැමිණෙති