
දෙරට නායකයින් විසින් ඇති කර ගත් වැදගත් එකඟතාවන් අනුව චීනය සහ බ්‍රිතාන්‍යය අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අවධානය යොමු කරන්නැයි චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉල්ලා සිටී. එවිට ද්විපාර්ශ්වික සබඳතාවන්හි ධනාත්මක ප්‍රතිඵල අඛණ්ඩව ලබා ගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු පැවසීය. ඒ ඊයේ(13) මියුනිච් ආරක්ෂක සමුළුව අතරතුර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Yvette Cooper මහත්මිය සමග පැවති සාකච්ඡාවලදීය.
ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රබල වගකීම් සහිත ලොව ප්‍රධාන රටවල් සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ බ්‍රිතාන්‍යය අඛණ්ඩව ශක්තිමත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව Wang Yi මහතා එහිදී සඳහන් කළේය. එමෙන්ම දෙරට අතර උපායමාර්ගික සම්බන්ධීකරණය සහ සන්නිවේදනය වැඩිදියුණු කළ යුතු බවත්, පොදු අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු යුතු බවත්, දෙපාර්ශ්වය එක්ව ලෝක සාමය සහ සංවර්ධනය සුරැකීමට කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රති පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්‍ර කරන බව චීනය කියයි