සිරියාවට වඩාත් ඵලදායී සහයෝගයක් ලබා දෙන ලෙස චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(13) සිරියානු ගැටලුව සම්බන්ධව විවෘත රැස්වීමක් පැවැත්විය. සිරියාවේ වත්මන් තත්ත්වය ඉතා අස්ථාවර ය. එමෙන්ම සිරියාවේ ත්‍රස්ත මර්දන ගැටලුව විසඳා ගැනීම සහ මානුෂීය අර්බුදය ලිහිල් කිරීම සඳහා සිරියානු ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්වයන් ඇතුළත් දේශපාලන ක්‍රියාවලියක් තවදුරටත් පවත්වාගෙන යන ලෙස රැස්වීමට එක්වූ එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. සිරියානු ගැටලුව විසඳා ගැනීම සඳහා එවන් දේශපාලන ක්‍රියාවලියක් තීරණාත්මක බව ඔහු පෙන්වා දී තිබේ. දැනට එළඹි එකඟතාවන් හා අත්සන් තැබූ සටන් විරාම ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් සිරියානු තත්ත්වය කඩිනමින් සමනය කර ගැනීමට හැකි වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
සිරියාවට වඩාත් ඵලදායී සහයෝගයක් ලබා දෙන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
More Stories
චීන හා වියට්නාම ජනපති ආර්යාවෝ චීන ජාතික මහා රඟහල නරඹති
ඇමරිකාව ඊනියා හේතුවක් මත චීනයට එරෙහිව තීරු බදු පැනවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ප්රති පියවර ගන්නා බවට චීනයෙන් ප්රකාශයක්
ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන නෞකා ඇමරිකාව අවහිර කිරීම ආතතීන් තවත් උග්ර කරන බව චීනය කියයි