සංශෝධනය කෙරුණු ‘චීන මහජන සමූහාණ්ඩුවේ ස්වාභාවික රක්ෂිත රෙගුලාසිය’එළි දැක්වෙයි. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පසුගිය දා රාජ්‍ය මණ්ඩල නියෝගයකට අත්සන් තැබීමත් සමග මෙය නිකුත් කර තිබේ. එළඹෙන මාර්තු 15 වන දා එම රෙගුලාසිය බලාත්මක වෙයි.
එම රෙගුලාසිය මගින්, ගුණයෙන් යුතුව ස්වාභාවික රක්ෂිත ගොඩනැංවීමටත්, ස්වාභාවික රක්ෂිත සුරැකුම් හා කළමනාකරණය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර, ජෛව ශිෂ්ටාචාර ගොඩනැංවීම හා සුන්දර චීනයක් ගොඩනැංවීම පූර්ණ ලෙස ශක්තිමත් කිරීමට මෙන්ම මානවයා හා සොබාදහම සුසංයෝගයෙන් පැවතීමේ චීන නවීකරණය සහතික කිරීමට ද ඉන් බලාපොරොත්තු වෙයි.
More Stories
චීන ඊජිප්තු සම්බන්ධතාවය ගොඩනැගීමේ 70වන සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
බහුධ්‍රැවීයකරණ ලෝකයක් හා නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා මුලපිරීමක් පිළිබඳ චීන-රුසියානු ඒකාබද්ධ ප්‍රකාශය
රුසියානු ජනපතිගේ චීන නිල සංචාරය ඇරඹේ