කියුබාවේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමට උපරිම සහාය ලබා දෙන බව චීනය පවසයි. කියුබාව ඇමරිකාවේ ජාතිකාරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකීමේ පියවර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (30) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
කියුබාවේ ස්වාධිපත්‍යය හා ජාතිකාරක්ෂාව සුරක්ෂිත කිරීමට චීනය දැඩිව සහාය දෙන අතර බාහිර මැදහත්වීම්වලට විරෝධය පළ කර ඇත. කියුබානු ජනතාවගේ ජීවිත සහ සංවර්ධන අයිතීන් අහිමි කරන සියලු ක්‍රියාවන්ට හා අමානුෂික ක්‍රියාවන්ට චීනය දැඩි විරෝධය පළ කරන බවද Guo Jiakun මහතා පැවසීය.
More Stories
APEC නායක සමුළුවේ මාධ්‍ය මධ්‍යස්ථාන වෙබ්අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කෙරේ
දැඩි විනයකින් යුත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳ ගෝලීය සංවාද මාලාව ආසියානු රටවල පැවැත්වේ
මධ්‍යගත ප්රජාතන්ත්රවාදය: චීනයට ආවේණික පාලන ක්රමයේ සුවිශේෂී දේශපාලන දැක්ම